විශ්ව විද්‍යාල පද්ධතිය ගැන ජනපති දැනුම්දුන් නවතම තීරණය

Ranil Wickremesinghe Wickremesinghe Ranil
By Sithumi Dec 13, 2022 12:02 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නව මාවතකට යොමු කිරීම උදෙසා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් උපකුලපතිවරුන් දැනුවත් කර තිබෙනවා. 

 ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව (National youth Platform) සඳහා විශ්වවිද්‍යාල සිසුන් දායක කරගැනීම පිළිබඳ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේදී මෙම අදහස් පළවී ඇත.  

එහිදී ජනාධිපතිවරයා උපකුලපතිවරුන් වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ නවකවදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසයි රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්‍යයේ දායකත්වය උපරිමයෙන් ලබාගැනීම අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තවත් වසර 25කින් නිදහසේ සියවන සංවත්සරය සමරන විට මේ රටේ නායකත්වයට පත්වී සිටින්නේ රටේ තරුණ තරුණියන් බවද පැවසුවා. 

  උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීම පිළිබඳ මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව රැකියා වෙළෙඳපොළට ගැලපෙන අයුරින් විශ්වවිද්‍යාල සිසුන්ගේ කුසලතා සංවර්ධනයට වැඩසටහන් සහ පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ වැදගත්කම ද පැහැදිලි කළා. ශ්‍රී ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.  

 ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය ඇතුළු කලාපීය රටවල සිසුන්ට මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට එමගින් අවස්ථාව ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්ණා. මීට අමතරව තවත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. මේ අතර “ජාතික තරුණ වේදිකාව” රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.  

වැඩසටහනට අදාළ පූර්ව සැලැස්ම තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඒ පිළිබඳ සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබුණා. එබැවින් තරුණ තරුණියන් අපේක්ෂා කරන සංවර්ධිත රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දැක්ම, සැලසුම් සහ නිර්මාණශීලි කුසලතා ජාතික තරුණ වේදිකාව හරහා රජයට ඉදිරිපත් කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.  

මීට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.  ඒ අනුව එම දිස්ත්‍රික්කවල සංචාරක ආකර්ශණය සහිත ස්ථාන හඳුනා ගනිමින් සංචාරක කලාප ලෙස ඒවා ප්‍රවර්ධනයට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා ඇත.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නව සංචාරක ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ලබන වසරේදී කටයුතු කරන බවය.
 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now