එක් පක්ෂයක මන්ත්‍රීවරු දහස් ගණනකගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවේ..

By Sithumi Feb 21, 2023 02:31 PM GMT
Sithumi

Sithumi

Report

පළාත් පාලන ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ සභිකයන් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (21) සවස ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

ඒ අනුව මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරි පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇති බවයි වාර්තාවන්නේ. මොවුන් සියළු දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව වෙනත් පක්ෂයකට සහාය දැක්වූ අය වන අතර මෙම පිරිස මේ වන විටත් වෙනත් පක්ෂවලින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දී ඇති අය බවද සඳහන්.

එම කරුණු පාදක කර ගනිමින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීන්දු කළ බවයි පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේ. සමාජිකත්වයෙන් ඉවත් කළ පිරිසෙන් 300 ක පමණ කණ්ඩායමක් නිදහසට කරුණු කීමට අවස්ථාව ඉල්ලා තිබුණ ද එය නොසලකා සියළු දෙනා ඉවත් කිරීමට පක්ෂ කෘතාධිකාරි මණ්ඩලය තීන්දු කර තිබීම විශේෂත්වයක්.

පළාත් පාලන ආයතන නිල කාලය අවසන්ව නොමැති බැවින් පක්ෂය විසින් ඉදිරියේදි නව සභිකයන් 1,137 දෙනෙකු පළාත් පාලන ආයතන වෙත පත් කිරීමට ද නියමිතව තිබෙනවා.