දුම්රියේ 10 ට කොව්ඩ් -ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම යලි ආරම්භයි.....
දුම්රිය කාර්ය මණ්ඩලයේ දස දෙනකුට කොව්ඩ් 19 වයිරසය සෑදීමෙන් මරදාන දුම්රිය ස්ථානයේ නතර කර තිබු දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද උදෑසන සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නතර කිරීමට සිදුවුයේ මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කළ දුම්රිය ස්ථානාධිපතිවරු නවදෙනෙකුට හා දුම්රිය සේවකයකුට කොවියිඩ්-19 වයිරසය සෑදීම හේතුවෙන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
මෙසේ වයිරසය සෑදුණු දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය නේවාසිකාගාරයේ රදවා නිරෝධානයනය කිරිමට මේ වනවිට පියවර ගෙන තිබේ.
මේ හේතුව නිසා දින කිහිපයක් මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිිරීම නතර කොට තිබිණ.
අද වනවිට වෙනත් දුම්රිය ස්ථානාධිපතිවරු හතර දෙනෙකු සේවයට යොදවා ප්‍රධාන ප්‍රවේශපත්‍ර කවුළු යළි විවෘත කොට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට අද (19) උදෑසන සිට ආරම්භ කළ බව කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.
