නේවාසිකාගාරය අනාරක්ෂිත බව මහජන පරීක්ෂක දන්වයි...?
කොරෝනා වසංගත සමයේ සෞඛ්‍ය ආරක්ෂිතව සිටිය යුතු වුවත් මරදාන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නේවාසිකාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොමැති බැවින් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වී වී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
ඉතා අබලන් ගොඩනැගිල්ලක පැවැති මෙම නේවාසිකාගාරය පවිත්‍ර තාවයෙන් අඩු බවත් වැසිකිලි කැසිකලි ප්‍රමාණවත් නොමැති බැවින් රාජකාරී කිරිමේදිද අපහසුතාවයට මුහුණ දීමට සිදුවී තිබේ. අදාල නේවාසිකාගාරය පිිළිබදව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂණ මහතා කළ පරික්ෂාවකින් පසු ගිය 12 දින සෞඛ්‍ය ආරක්ෂිත නේවාසිකාගාරයක් හැකි ඉක්මනින් ලබාදෙන ලෙස දුම්රිය දෙපාර්තුමේන්තුවට ලිඛිතව දන්වා තිබේ.
එසේ ලබාදීමෙන් පසු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී( ගමනා ගමන)ප්‍රධාන ඉංජිනේරු මාර්ග කර්මාන්ත වෙත සති දෙකක් ඇතුළත දුම්රිය ස්ථානාධිපතිවරු වසරක් තිස්සේ ප්‍රතිසංස්කරණය කළ කාමර දෙක හැකි ඉක්මනින් අළුත්වැඩියා කොට ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වා ඇත.
රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව සිටිහැකි ආකාරයට මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් ලබා සිය නේවාසිකාගාරය අලුත්වැඩියා කටයුතු නිම කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කරන්නේ නම් ඉතා අගයකොට සලකන බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.