දුම් රියක් බස් රථයක සහ කාර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුර..
උතුරු දුම්රිය මාර්ගයේ යාපනයේ සිටි වව්නියාව දක්වා ධාවනය වූ යාල්රාණි දුම්රිය අද (20) කිලිනොච්චිය අරවියල් නගර් දුම්රිය ස්ථානය අසලදී බස්රථයක සහ කාර්රථයක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසනවා.
යාල්රාණි දුමරිය කන්කසන්තුරෙයි සිට වවුනියාව දක්වා ධාවනය වී ඇති අතර එහිදී කිලිනොච්චිය අරවියල් නගර් දුම්රිය ස්ථානය අසල් පිහිටි දුම්රිය හරස් මාර්ගයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
යාපනය විශ්වවිද්‍යාලයට සේවකයින් පිරිසක් රැගෙන ලං ග ම බස් රථයකින් දුම්රිය හරස්මාර්ගය හරහා ගමන් කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතිඅතර දුම්රියේ බස්රථය ගැටීමෙන් පසුව බස්රථය විසිවී ගොස් පිටුපසින් පැමිණි කිලනොච්චිය ඉංජිනේරු පීටයට අයත් කාර්රථයකද ගැටී තිබෙනවා
. එහිදී බස්රථයේ රියදුරු සහ මගියෙකුද කාර් රථයේ ගමන්ගත් අයෙකුද බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසුවා.
අදාල දුම්රිය හරස්මාර්ගයේ ගෙට්ටුවක් නොමැති අතර දුම්රිය සංඥා පමණක් සවිකර තිබීම හේතුවෙන් අනතුරු කිහිපයක්ම මේ වන විට සිදුව ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයට වහාම ගෙට්ටුවක් සවිකරන ලෙසට ප්‍රදේශවාසීණ් විසින් දුම්රිය බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
