රාජ්‍ය ආයතන 43 ක් සමග අවබෝධතා ගිවිසුම්...සංචාරක ආයෝජන කඩිනම් කිරීමට නව ඒකකයක්...

srilanka tourism presanna ranatunga
By Nimal May 04, 2021 04:36 AM GMT
Nimal

Nimal

Report

 සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කෙරේ. ඒ සදහා ඊට අදාළ රාජ්‍ය ආයතන 43 ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කිරීමට කටයුතු යොදා ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැනටමත් මේ සදහා අනුමැතිය ලබාදෙන රාජ්‍ය ආයතන 10 ක් සමග අදාළ ගිවිසුම් අත්සන් කර ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි. සංචාරක ආයෝජන කඩිනම් කිරීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආයෝජන සබදතා ඒකකයක් ද ස්ථාපිත කර ඇත.

මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ ආයෝජන අනුමත කරලීමේ ක්‍රියාවලියේ සංකීර්ණතාව, රේඛීය ආයතන සංඛ්‍යාව බහුල වීම සැලකිල්ලට ගනිමිනි. ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම හා ඉක්මණ් කිරීම මෙම ඒකකයට පැවරී තිබේ.

ඒ අනුව ආයෝජන මණ්ඩලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, ජාතික ගොඩනැගිලි සංවර්ධන දෙපාර්තුමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව,ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව හා වාරි මාර්ග දෙපාර්තුමේන්තුව අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ. සෙසු ආයතන සමග ද මෙම ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු යොද ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

කොවිඩ් තත්ත්වය යටතේ වුවද පසුගිය වසර එකහමාරක කාලය තුළ ඇමෙරිකන් ඩොලර් මිලියන 879.94 ක නව සංචාරක ආයෝජන අනුමැතිය සදහා ඉදිරිපත් ව තිබේ. මෙලෙස ලැබුණු ව්‍යාපෘති සංඛ්‍යාව 54 කි. ඉන් 29 කට මේ වන විටත් අනුමැතිය දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 188.4 කි.කේබල් කාර් ව්‍යාපෘති, පාවෙන ආපනශාලා, දිය යට කලාගාර වැනි සංචාරක ආයෝජන අනුමැතිය සදහා ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ ගෝළීය අවශ්‍යතාවයන්ට සරිලන පරිදි මෙරට සංචාරක ආයෝජන අවස්ථා පුළුල් වීම සංචාරක ක්ෂේත්‍ර යේ සුවිශේෂ වර්ධනයක් ලෙස සැලකිය හැකි බවයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය වේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට සංචාරක ක්ෂේත්‍ර යට අදාළව නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබේ. කොවිඩ් වංසගත තත්ත්වය හමුවේ වුවද එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරන බව ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.