ශ්‍රීලංකන් නව ගමනාන්තයන් අරඹයි..

srilanka srilankanguwan asokpathirage
By Nimal Sep 03, 2021 03:47 AM GMT
Nimal

Nimal

Report

 ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ 42 වෙනි සංවත්සරය පෙරේදා පැවැත්වුණි. ගුවන් සේවය එයාර් සිලෝන් ලෙස වර්ෂ 1947 සැප්තැම්බර් මස 01 දින ආරම්භ වූ අතර පසුව වර්ෂ 1979 දී එයාර් ලංකා ලෙස නැවත නම් කරන ලදී. පසුකාලීනව එය ශ්‍රීලංකන් ගුවන් සමාගම ලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ කීර්තිය ලොව පුරා ඉහළ නංවා තිබේ.

.ශ්‍රීලංකන් නව ගමනාන්තයන් අරඹයි.. | Srilanka Srilankan Guwan

දශක හතරකටත් වැඩි කාලයක් ගුවනේ මෙන්ම භූමියේ ද සිය අනසක පතුරමින් ජාතික ගුවන් සේවය අදවන විට ගෝලීය සම්මාන ලාභී ගුවන් සේවයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ පැවති විනාශකාරී සිවිල් යුද්ධය, දේශපාලන හා ආර්ථික කඩාවැටීම් සහ නැගිටීම්, වෙළඳාමේ උච්චාවචනයන් සහ ගෝලීය වසංගතය වැනි විනාශකාරී බලපෑම්වලට ශක්තිමත්ව ගුවන් සේවය මුහණ දී තිබේ. මෙම අභියෝගාත්මක අවස්ථාවේ ගුවන් සමාගමේ ශක්තිය එහි ශ්‍රම බලකායත් ඔවුන් සතුව ඇති ශක්තියත් බව සැමවිටම පෙන්නුම් කර තිබේ. මෙම වැදගත් අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය.

“ජාතික ගුවන් සේවය වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාතික ආර්ථිකයට සහ අපේ රටේ සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් සපයනවා. මේ වන විට රට මුහුණ දී සිටින දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ගුවන් සමාගම වෙත ලබා දෙන මූල්‍යමය සහයෝගය පිළිබඳව අපි ශ්‍රී ලංකා රජයට ස්තූතිවන්ත වෙමු. අපි ඉතා ශක්තිමත් සංවිධානයක් වන අතර, මෙම අභියෝගාත්මක කාලයන් තුළදී අපි සියලුම දෙනා එක්ව ගුවන් සේවාව මෙහෙයවනු ඇතැයි මට විශ්වාසයි.

විශේෂයෙන් මෙම අසීරු කාල පරිච්ඡේදයේ දී සියලුම දෙනා ලබාදෙන කැපවීම ගැන මගේ අධ්‍යක්ෂ මණ්ඩලයට, කළමනාකාරීත්වයට සහ ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටම මම ස්තූති කිරීමට කැමතියි. මේ අනුව ජාතික ගුවන් සේවය ලෙස අපි බලාපොරොත්තු වන්නේ ඉදිරියටත් ශ්‍රී ලංකාව Corporate Communications www.srilankan.com ලෝකය වෙත ගෙන යාමේ මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමටයි” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

පවතින තත්වය හමුවේ වුවද ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා “Diamond” ප්‍රමිතිය ද පසුගියදා හිමි විය. මීට අමතරව ආසියානු ව්‍යාපාර නායකත්ව සම්මාන උළෙලේ දී රැකියා ස්ථානයේදී සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීම වෙනුවෙන් ද ගුවන් සේවය ඇයගීමට ලක්විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද ‍ Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම (2021 Four Star Major Official Airline) දිනා ගන්නා ලදී .

තවද අඛණ්ඩව පස්වන වරටත් මොස්කව්හි පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේදී ‘ඉන්දියන් සාගරයට මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය’ ලෙස ද ගුවන් සේවය සම්මානය පාත්‍ර විය. ගුවන් සේවය විසින් නයිරෝබි (කෙන්යාව) සහ මොස්කව් (රුසියාව) යන නව ගමනාන්ත දෙක වෙත ද පසුගියදා සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කළේය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතාද මෙහිදී අදහස් දැක්වුහ. 

ReeCha