තාක්ෂණික දෝෂයක් ඇති වූ ශ්‍රීලංකන් ගුවන් යානයක්...

srilanka srilanka guwan coambo landan
By Nimal Jul 09, 2021 01:45 PM GMT
Nimal

Nimal

Report

  “ශ්‍රීලංකන් ගුවන් යානය ඉන්ධන හිඟයකින් පෙළෙනවා” යනුවෙන් සඳහන් කරමින් දැනට සංසරණය වෙමින් පවතින ප්‍රවෘත්ති වාර්තාව සාවද්‍ය බව ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර සිටියි.

2021 ජුලි 6 වන දින, ලන්ඩනයේ සිට කොළඹට පැමිණෙන ගමනේ දී UL 504 දරණ ගුවන් යානය තාක්ෂණික දෝෂයකට ලක්විය. එහි දී ශ්‍රීලංකන් ගුවන් නියමුවන් විසින් ගුවන් යානය කුවේට් හි ගුවන් කලාපයට ඇතුළු කිරීමට අවසර ඉල්ලන ලදී. නමුත් කුවේට් ගුවන් ගමනාගමන පාලක මැදිරිය ශ්‍රීලංකන් ගුවන් යානය ඔවුන්ගේ ගුවන් කලාපයට ඇතුලු කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව කුවේට් ගුවන් සීමාව මඟ හැර ගුවන් යානය නැවත ධාවනය කිරීමට සිදුවිය. අදාල UL 504 ගුවන් යානයට නැවත කොළඹට යාමට ප්‍රමාණවත් තරම් ඉන්ධන තිබුණ ද, අතිරේක පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස ගුවන් යානය, ඉන්දියාවේ ට්‍රිවන්ඩ්‍රම් වෙත ගොඩබස්සවන ලදී. ඒ ගුවන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණය කිරීමෙන් පසුවය.

එම තාක්ෂණික පරීක්ෂා කටයුතු වලින් පසුව ගුවන් යානය නැවත කොළඹට පියාසර කරන ලදී. අපගේ ගුවන් ගමන් ආරක්ෂිතව හා සුරක්‍ෂිතව තබා ගැනීමට අප උත්සාහ කරන බැවින් අපගේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව අතිශයින්ම වැදගත් වේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන්ගේ, කාර්ය මණ්ඩලයේ සහ ගුවන් යානයේ ආරක්ෂාව සහතික කිරීම අතින් ඉදිරියෙන්ම සිටින ගුවන් සේවයකි.

ReeCha