සැමියාට කළ වෙඩි තැබීම ගෑන් බිරිදගෙන් භයානක හෙළිදර්ව්වක්..
බත්තරමුල්ල ප්‍රදේශයේ රක්ෂණ ආයතනයක අභිනව සභාපතිවරයා අද (05) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබුණා.
ඔහු නව ධුරයේ වැඩ භාරගැනීම සඳහා යමින් සිටියදී මීගොඩ ප්‍රදේශයේදී තුවක්කුකරුවෙක් ඔහුට වෙඩි තබා තිබුණේ. ආයතනයේ හිටපු ප්‍රධානියෙකු මෙම වෙඩිතැබීම පසුපස සිටින බවට සැකයක් ඇති බව වෙඩි ප්‍රහාරයට ලක්වූ සභාපතිවරයාගේ පවුලේ ඥාතීන් පවසනවා.
අද උදෑසන 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණේ මීගොඩ වල්පිට ගැමුණු මාවත ප්‍රදේශයේදී වන අතර සිය නිවසේ සිට මෝටර් රථයෙන් එම පුද්ගලයා පිටව යන අවස්ථාවේදී ගැමුණු මාවත අසල රැඳී සිටි පුද්ගලයෙකු මෝටර් රථයට එක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
පොලීසිය පැවසුවේ ඉන් නොනැවතුණු වෙඩික්කරු මෝටර් රථය ලුහුබඳිමින් තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බවයි . ඒ අනුව වෙඩි ප්‍රහාර 4 ක් මෝටර් රථයට එල්ල කර තිබුණු බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබුවේ වල්පිට තිසර උයන ප්‍රදේශයේ පදිංචි දර්ශන සමරවික්‍රම නම් 62 හැවිරිදි පුද්ගලයෙක් වන අතට ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. පොලීසිය පැවසුවේ වෙඩි ප්‍රහාර 4 ම ඔහු වෙත එල්ලවී ඇති අතර ඔහුගේ අතකට තුවාල සිදුවී ඇති බවයි. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් සාමාන්‍ය වාට්ටුවක මේ වන විට ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසන අතර ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ රක්ෂණ ආයතනයක සභාපතිවරයා වශයෙන් වැඩභාරගැනීමට යමින් සිටියදීයි.
මීට පෙරද ඔහු එම ආයතනයේම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්‍රියාකර ඇති බව පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ අද දෙරණ ට මෙලෙස අදහස් පළ කළ අතට
"එයා සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපති. එයත් එක්ක හිටපු .... කියන තැනැත්තා එකට වැඩ කළා අවුරුද්දක් විතර. ඒ අතරේ එයාගේ තිබුණු ගිණුම් ප්‍රශ්නයකට මහත්තයාට සම්බන්ධවෙන්න කිව්වාම බැහැ කියලා මහත්තයා ඒක ප්‍රතික්ෂේප කළා...
ඒ 6 දෙනෙක් එක්ක. ඒ සමග එයා මේ ගොල්ලොන්ව අයින් කරන්න කියලා නඩුවක් පැවරුවා. ඒ නඩුව ගිය 02 වනදා විනිසුරුතුමා විසින් ප්‍රතික්ෂේප කළා. ඒ නඩුවේ උප සභාපති සභාපති වෙන්න තමයි තිබුණේ. එතකොට අද දිනයේ එයා වැඩභාර ගන්න වෙලාවේ තමයි මේ වෙඩි තැබීම සිදුකළේ. ඒක සම්පූර්ණයෙන්ම අපි කියනවා ..... නමැත්තා තමයි මේක කළේ කියලා. මේ පුටුවේ වාඩි වෙන්න දෙන්නේ නැහැ කියලා මීට කලිනුත් එයාට මරණ තර්ජන තිබුණා."
කෙසේවෙතත් වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසියෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.