"රාජස්ථාන් හිමිකරු මට දෙතුන් පාරක්ම කනට ගැහුවා" - රොස් ටේලර් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

By Sithumi Aug 13, 2022 03:44 PM GMT
Sithumi

Sithumi

Report

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු තමාට දෙතුන් වතාවක් පහර දුන් බව නවසීලන්ත සුපිරි ක්‍රීඩක රොස් ටේලර් පවසනවා. මෙම සිදුවීම සිදුවී ඇත්තේ 2011 වසරේදීයි. ඔහු ඊට පෙර බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් IPL සඳහා තරඟ වැදුණු අතර 2011 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඔහුව මිලට ගත්තේ ඩොලර් මිලියනයක් වැනි ඉහල මුදලකටයි.

කෙසේ වෙතත් එම තරඟ මාලාවේ පළමු තරග කිහිපයේදීම ඔහු අසාර්ථක වූ අතර කිංන්ග්ස් (11) පන්ජාබ් කණ්ඩායම සමග පැවැති තරගයේදී ඔහුට මුහුණ දීමට හැකි වුණේ පන්දු පහකට පමණයි.

ඉන් පසු අවස්ථාවකදී තමා අසලට පැමිණි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු තමාගේ කම්මුලට පහර දුන් බවයි ඔහු කියා සිටින්නේ.එම පහරවල් දරුණු ගණයේ ඒවා නොවුනද වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩාව තුළ එවැන්නක් සිදුවිය නොහැකි බවයි ඔහු පවසන්නේ.