ගිණි තැබූ මැති ඇමතිවරුන් ගේ නිවාස ගැන අදිකරණයෙන් නියෝගයක්..

Sri Lanka Police Sri Lanka SL Protest
By Sithumi Dec 15, 2022 02:43 PM GMT
Sithumi

Sithumi

Report

ඉකුත් මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්ගේ නිවාසවලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීම සඳහා ජනවාරි 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.  

මැයි මස 09 වනදා සිද්ධිවලින් නිවාස හානිවූ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් ඇතුළු දේශපාලකයින් 39 දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now