ජනපති කාර්යාලයට මුලින්ම පැන්න අරගල කරුවාට අද සිදු වූ දේ..

By Sithumi Aug 01, 2022 05:48 PM GMT
Sithumi

Sithumi

Report

අරගල කරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින් එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා අද (1) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 

 මුලින්ම ඇතුළු වූ මෙම පුද්ගලයා වැලැක්වීමට එහි සිටි නිලධාරීන් උත්සාහ ගත් අවස්ථාවේ සැකකරු පිහියක් පෙන්වා තමාට ඇතුළුවීමට නොදෙන්නේ නම් ගෙල කපාගෙන එම ස්ථානයේම මිය යන බවට පවසා නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිසිය පවසයි. 

ඔහුගේ මෙම නොසන්සුන්කාරීහැසිරිමත් සමග සෙසු පිරිස් කුපිත වී ලේකම් කාර්යාලයට කාඩා වැදි ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. අරගලයේ මුල් අවස්ථාවේ සිටම ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් මෙම සැකකරු කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි. මෙම සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි (37) ව්‍යාපාරිකයායෙක් බවද එම නිලධාරියා කීය . 

 මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමඟම ජනාධිපති ලේකම් කාර්යාලට බලහත්කාරයෙන් කඩා වැදී මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රථම සැකකරු මොහු බවද පොලිසිය කියයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ත වත් සැකකරුවන් රැසක් හඳුනාගෙන ඇති බවත් ඉදිරියේ එම පිරිසද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.