කළපු ගොඩ කිරීම් සම්බන්ධව නීතිය දැඩිව ...

srilanka politics mahinda amarawera
By Nimal Sep 10, 2021 03:16 AM GMT
Nimal

Nimal

Report

 වැව්වලින් කපන පස් යොදා ගනිමින් නැගෙනහිර පළාතේ ඇතැම් පිරිස් නීතිවිරෝධීව සිදුකරන කළපු ගොඩ කිරීම් සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දුන්නේය.

නැගෙනහිර පළාතේ විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කළපු ගොඩකිරීම ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ද මැදිහත්වීම මත සිදුකරන බවත්, කළපු ගොඩකිරීම බරපතල ලෙස මඩකලපුව ප්‍රදේශයේ සිදුවන බව තමන්ට වාර්තා වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රදේශීය කාර්යාල විදිමත්ව සේවා කටයුතු නොකරන බැවින් වහාම අවම නිලධාරින් පිරිසක් යොදා ගෙන හෝ එම කටයුතු අරඹන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.