පවුල් 121759ට 5000/- හේ දීමනාව...

srilanka politics presanna ranatunga
By Nimal Jun 10, 2021 10:05 AM GMT
Nimal

Nimal

Report

  ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 121759ට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම මේ වන විට අවසන් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් 19 ව්‍යසනකාරී තෙවන ව්‍යාප්තිය නිසා බලපෑමට ලක් වූ පවුල් වලට නැවතත් රුපියල් 5000 දීමනාව ලබා දීමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කලේය. සමෘද්ධිලාභී පවුල් වලට පළමුව මෙම දීමනාව ලබා දෙන අතර ආර්ථික අපහසුතාව ට ලක් වූ අනෙකුත් පවුල් වලට දෙවනුව දීමනාව ලබාදීම සිදු කෙරේ . ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 121759ට රුපියල් 608795000ක මුදලක් බෙදා දීමට පියවර ගෙන තිබේ.

එම දීමනාව සඳහා සුදුසුකම් ලැබූ හෝ අනෙකුත් පවුල් සඳහාද ඉක්මනින් එම මුදල් ලැබෙන්නට සලස්වන බව ද අමාත්‍යවරයා පවසයි. අධික වර්ෂාපතනයක් ඇද හැරීම හේතුවෙන් රට පුරා ප්‍රදේශ ගණනාවක ගංවතුර තත්ත්වයක් ඇතිවිය. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් මෙවර ගංවතුර තත්වෙට මුහුණ දුන්නේ වෙන කිසි කලකත් නොවූ ලෙසිනි. සමහර ප්‍රදේශ කිසිදා ගංවතුර තත්ත්වයකට මුහුණ නොදුන් ප්‍රදේශ විය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා සහ ප්‍රදේශයේ මන්ත්‍රීවරු සමග සාකච්ඡා කළ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හැකි ඉක්මනින් ගංවතුර තත්ත්වයට මුහුණ දුන් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගත්තේය. ඒ සමඟම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කළේය. සර්, මෙහෙම දෙයක් වුනේ සෑහෙන කාලෙකට පස්සේ. සමහර පළාත් කිසිම දාක කිසිමදාක ගංවතුර තත්ත්වයන්ට මුහුණ නොදුන්න පළාත්. මිනිස්සු චෝදනා කරන්නේ අධිවේගී මාර්ගය නිසා මෙහෙම වුණා කියලයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පැවසීය.

ඒ ගැන සොයා බැලීමක් කරන්න. ඊට කලින් ඉක්මනින්ම ජනතාවට අවශ්‍ය සහන සලසන්න අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමටද අග්‍රමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කෙරිණි. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාටත්,නිමල් ලන්සා ඇමතිවරයාත් කතා කළේය. මේ තත්ත්වය සම්බන්ධයෙන් සියලු නිලධාරීන් හා එක්ව සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වඩාත් සුදුසු බව එහිදී තීරණය විය.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා, ප්‍රසන්න රණතුංග ඇමතිවරයා, නිමල් ලන්සා ඇමතිවරයා, සහ කෝකිලා ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරු සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා, මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා , වාරිමාර්ග අමාත්‍යංශය ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානියා සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ නිලධාරීන්ට ඇතුළුව පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා මහා මාර්ග අමාත්‍යාංශයේ දී රැස්වීමක් පැවැත්විණි.