පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අද ජනපතිට

By Sithumi Feb 20, 2023 02:58 PM GMT
Sithumi

Sithumi

Report

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා,

"වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද ලැබෙනවා. අපි තරයේ විශ්වාස කරනවා වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ බලය පාවිච්චි කළ යුතුයි කියලා.

දැන් මැතිවරණ පවත්වනවාද මැතිවරණ පවත්වන කාලය මේ සියල්ලම තීරණයේ වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට අනුකූලව නෙවෙයි. එක පුද්ගලයෙකුගේ අභිමතය පරිදි. මුදල් ඇමතිවරයා තමයි. ඒ සියල්ලක්ම තීරණය කරන්නේ."