විදේශයන්හී තානාපති කාර්‍යාලයන් වසා දැමීම ගැන නිවේදනයක්

#SriLanka#news#An-Annousement#Embassy#Ministry-of-foreign#Nigeria#Germany#Cyprus#
By krishani Dec 27, 2021 04:23 PM GMT
krishani

krishani

Report

තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව නයිජීරියාවේ අබුජාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය,සයිප්‍රස්යිහි නිකෝසියාහී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යන දූත කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව පවසයි.

එම කාර්යාල තුන 2021 දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ අමාත්‍යංශය "දැඩි සැලකිලිමත් බවින් යුක්තව තීරණය කළ බව" එම නිවේදනයේ දැක්වෙනවා.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත් වූ මෙම තීරණය විදේශ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සහ දූත කාර්යාල ජාලය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියක කොටසකි.

ගෝලීය වසංගතය හේතුවෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ ද්විපාර්ශවික සබඳතා ඵලදායි ලෙස පවත්වාගෙන යාම තහවුරු කරමින් රටට අවශ්‍ය විදේශ සංචිත සුරක්ෂිත කිරිම සහ විදේශයන්හී ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්‍යාල නඩත්තු කිරීම සදහා වැය කෙරෙන වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රතිව්‍යූහගත කිරීම සිදු කෙරේ යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now



GalleryGallery