ලංකාවේ ණය උගුලෙන් ගැලවෙන්න ජාත්‍යන්තර නීති උපදෙස් ගන්න යයි

Srilanka
By Sithumi Mar 22, 2022 12:55 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 

 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර නීති ආයතනයකින් තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට තීරණය කළ බව දැනුම් දී තිබේ. 

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවත් පතිරණ මහතා ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙක් ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා ඇමෙරිකානු නීති ආයතනයක සහාය ලබාගන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පතිරණ මහතා පැවසුවේ

"ඔව් මේ සම්බන්ධයෙන් පැහැදිලි විනිවිදභාවයකින් කටයුතු කරන්න ඕනේ අපි තීරණය කරලා තියෙනවා දීර්ඝ කාලීන පදනම මත නීති ආයතනයක තාක්ෂණික සහාය ලබා ගන්න මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් සහ අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි යන මහත්වරු නායකත්වය දේවි" ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නිල සාකච්චා අප්‍රේල් මස මැද ආරම්භ වීමට නියමිතව ඇත. විමුක්ති එස් රුද්‍රිගු