කොට්ටාවේ බිහිසුණු වෙඩි තැබීම ගැන අහන්න ලැබුණු නවතම තොරතුර...

CID - Sri Lanka Police Sri Lanka Police Colombo Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jun 22, 2023 03:42 PM GMT
Sithumi

Sithumi

Report

කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදුකළ  වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ මත්තෙගොඩ නාමල් උයන පදිංචිව සිටි රසායනාගාර සේවකයෙකු වු මිහිරාන් පත්මසිරි  33නමැත්තෙක් වන අතර කුත් මැයි 15 වැනිදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස  ඝාතනය කළ පුද්ගලයාගේ සහෝදරයකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයාට රසායනාගාරයේ සේවය කරන අතර  වෙඩි වැදි මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද එක සමාන හැඩරුවෙන් යුක්ත වුවන් බවට පොලිසිය පවසනවා.