අලුතින්ම හෙළිදරව් වුණු කංසා ගැන සිදුවීම….
By Sithumi
කංසා භාවිතය ලෙඩ රෝග රැසක් සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් බවට ඔස්ට්‍රේලියාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරතිෙබනවා.
මෙම පර්යේෂණය සඳහා රෝගීන් 3000ක් යොදාගෙන ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
එම රෝගීන් අතර පිළිකා සහ මානසික රෝගීන් සිට ඇති බවටද වාර්තා වන අතරඑම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණක් ඖෂධීය කංසා භාවිතයට ගත හැකි බවයි.
එසේම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන නියමිත මාත්‍රාවට අනුව එම ඖෂධ භාවිතයට ගතයුතු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන අතර ඔස්ට්‍රේලියාව තුළ පළමුවරට ඖෂධීය කංසා භාවිතයට අවසර හිමිව ඇත්තේ 2016 වර්ෂයේදීයි.
එසේම එරට මේ වනවිට 332,000 කට වැඩි රෝගීන් පිරිසක් වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය කංසා භාවිතයට ගන්නා බවද වාර්තා වනවා.