විදේශ රටක රැකියා වංචාවක් සම්බන්ධයෙන් CID ට පැමිණිල්ලක්..
ඊශ්‍රායල රැකවරණ වැඩසටහනට අදාළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිලධාරීන් විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව ඔහු පැවසීය.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊශ්‍රායල රැකවරණ වැඩසටහන යටතේ රැකියා ලබා ගැනීමට ආධාර කරන මුවාවෙන් පුද්ගලයින් මුදල් එකතු කරන බවට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි.
වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නානායක්කාර ඇමැතිවරයා අනතුරු ඇඟවීය.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස විපතට පත් පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින ඔහු, මෙම වංචාව පිටුපස සිටින සැබෑ වැරදිකරුවන් අල්ලා නීතිය හමුවට පමුණුවා ගැනීමට තම කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බවද පැවසීය


