එන්නත් කරණයට සංගණනයක් ....
වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙළ විධිමත් කිරීම සඳහා සංගණනයක් කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත.
ඒ අනුව අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ වයස අවුරුදු 20ත් - 30ත් අතර, වයස අවුරුදු 18ත් - 20ත් අතර හා වයස අවුරුදු 12ත් - 18ත් අතර වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයින් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වෙන වෙනම සංඛ්‍යා දත්ත ලබාගන්නා ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයින් 3,36, 715 ක් සිටින බවයි.
ඒ අතරින් පුද්ගලයින්114790ක් මේ වන විටත් එන්නත්කරණය කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින්1572225ක් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත පළමු මාත්‍රාවත්, පුද්ගලයින් 1230592ට දෙවන මාත්‍රාවත් ලබා දී අවසන්ය. එසේම වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් ගෙන් 99%ක් පමණ මේ වන විට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන තිබේ.
වයස අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති හෙයින් ඒ සඳහා පෙර සූදානම් වීමක් ලෙස මෙම තොරතුරු රැස්කරගෙන තබා ගන්නා මෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.