කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට නවීනතම පරීක්ෂණ කට්ටලයක්....

srilanka health
By Nimal Sep 09, 2021 06:57 AM GMT
Nimal

Nimal

Report


කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම නිර්මාණය හඳුන්වා දෙනු ලැබිණි.කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට නවීනතම පරීක්ෂණ කට්ටලයක්.... | Srilanka Health

කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ. ඒ අනුව රුපියල් 1500 ක පමණ මුදලකින් අදාළ පරීක්ෂණය කළ හැකි බව එහි නිර්මාණකරු පවසයි. මේ වන විට මෙයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය ලැබී ඇති අතර එහි ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටී. මේ අතර මෙම විශේෂිත පරීක්ෂණ කට්ටලය “RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification)”ජාතික හා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම් කර ඇත.

“සෞභාග්‍යයේ දැක්ම” අනුව දේශීය නිපැයුම් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත්, විශේෂයෙන් කොවිඩ් ව්‍යසනය හමුවේ මෙවැනි නිපැයුම් ලාංකීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කිරීම අතිශය වැදගත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මේ වන විට එන්නත්කරණයෙන් ජාත්‍යන්තර ප්‍රසාදයට අප රට පත්ව ඇතැයිද එමෙන්ම එන්නත්කරණයෙන් ලොව ඉහළම ස්ථානයකට අප පැමිණ ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉතා කඩිනමින් කොවිඩ් ව්‍යසනය පරාජය කර රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබන බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන ව්‍යාපාර හා සම්බන්ධ කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය දර්ශන යාපා යන මහත්වරුන් සහභාගි වූහ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now