මෘත දේහ ප්‍රවාහනයට විශේෂ වැඩ පිළිවෙලක් ...

srilanka health pavittha wanniyarchchi
By Nimal Sep 06, 2021 10:11 AM GMT
Nimal

Nimal

Report

 දැනට දිවයින පුරා පවතින කොවිඩ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති බැවින්  එම කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සුවසැරිය ව්‍යාපෘතියේ ගිලන්රථ භාවිතා කරනු ලබන අතර, දැනට විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන ගිලන්රථ කඩිනමින් අලුත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස්කොට සෞඛ්‍ය අමාතාශ්‍යාංශයට ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත.මෘත දේහ ප්‍රවාහනයට විශේෂ වැඩ පිළිවෙලක් ... | Srilanka Health

එහි ප්‍රථම පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ධාවනයෙන් ඉවත් කල ගිලන් රථ 10ක් අළුත්වැඩියා කිරීමට කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලක්දිව ඉංජිනියරින් (පුද්ගලික) සමාගම මෙම අබලන් වු ගිලන්රථ අළුත්වැඩියා කටයුතු සිදු කිරිමට කටයුතු කරනු ඇත. ඉංජිනේරුවන්,කාර්මිකයන් ඇතුළු සේවකයින් 130කින් යුතු පිරිසක් මෙම ආයතනය තුල සේවයේ නියුතු වන අතර අළුත්වැඩියා කටයුතු සදහා භාවිතා කරනු ලබන යන්ත්‍රෝපකරණ හා මෙවලම් ආයතනය සතුව ඇති බව ඒහි සභාපති කුෂාන් වෑගොඩපොල මහතා පැවසීය.

මෙම කටයුතු ආරම්භ කිරිම සදහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරිම සදහා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (06) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවැත්වින. මෙම සාකච්ඡාවේදි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කලේ ව්‍යාපෘතියේ අරමුණ වනුයේ කඩිනමින් ගිලන්රථ අළුත්වැඩියා කර දීමටත්, ලක්දිව ඉංජිනේරු ආයතනයට නව ආදායම් මාර්ග ලබා ගැනීමට අවස්ථාව උදා කර ගැනීමට බවත් ය.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෝෂිණි පීරිස්, ඒ්.ඒල්. බස්නායක අධ්‍යක්ෂ (ප්‍රවාහන) සෞඛ්‍ය අමාත්‍යාංශය. ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති කුෂාන් වෑගොඩපොල යන මහත්ම,මහත්මීන් සහභාගී විය.