සෞඛ්‍ය ඇමතිවරයාගෙන් අවවාදයක්...?
srilanka
health
keheliya rabukwella
By Nimal
ඔක්සි මීටරයක් සඳහා රුපියල් 3000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (04) විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිතය.
සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද එම අමාත්‍යංශයේදී අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබීය. පසුගිය දිනවල ඉතා අධික මිල ගණන් වලට ඇතැම් ඖෂධ වෙළඳසැල්හි ඔක්සි මීටර් අළෙවි කෙරුණු අතර ඇතැම් වෙළඳසැල්හි ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් අලෙවි කරන බවටද තොරතුරු ලැබී තිබිණි.
ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |