කොවිඩ් රෝගීන් ගැන ඇමතිවරිය කියු කථාව....

srilanka health sudarsane prenandupulle
By Nimal Sep 01, 2021 11:29 AM GMT
Nimal

Nimal

Report

කෝවිඩ් වයිරසය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන මොහොතක රෝගීන් හදුනා ගැනීම සදහා අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකර ගැනීම රෝගය පාලනයට අත්‍යාවශ්‍ය වී ඇත. එවැනි මොහොතක මෙත්මනුසත්කාරී භාරය විසින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත රුපියල් මිලියන 3.1ක් වටිනා වැඩිදියුණු කළ ස්වයංක්‍රීය පද්ධතියක් (Automated Nucleic Acid Purification System) පරිත්‍යාග කිරීමට කටයුතු කිරීම සැබවින්ම අගය කළ යුතු ක්‍රියාවක් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කලාය.

කොවිඩ් රෝගීන් ගැන ඇමතිවරිය කියු කථාව.... | Srilanka Health

අමාත්‍යවරිය මේ බව සදහන් කර සිටියේ අද (01) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී රාගම රෝහල වෙත අදාල පරිත්‍යාගය සිදුකරන අවස්ථාවට එක්වෙමිනි. මෙමගින් එක්වර PCR පරීක්ෂණ 48ක් සිදුකල හැකි මෙන්ම කඩිනමින් පරීක්ෂණ වාර්තා ලබාගත හැකි දියුණු තාක්ෂණයකින් යුක්ත මෙහි කාර්යක්ෂමතාවය ඉතා ඉහළය.එබැවින් දිනෙන් දින වැඩිවන PCR පරික්ෂණ සංඛ්‍යාවෙහි ධාරීතාවය වැඩිකිරීමට රාගම රෝහලට මෙමගින් අවස්ථාව උදාවේ.

මෙම පරිත්‍යාගය සිදුකිරීමට මෙත්මනුසත්කාරී භාරය වෙනුවෙන් අවශ්‍ය මූලික සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ චිත්‍රපට නිෂ්පාදන රාජ් රණසිංහ මහතා වන අතර පරිත්‍යාගය සිදුකිරීමට නදීර ප්‍රනාන්දු පියතුමා සමගින් කේ.ආර් පුෂ්පරංජන, නීතිඥ රෝහණ ජයසුන්දර, මාර්ක් ප්‍රනාන්දු යන මහත්වරු සමග රංගන ශිල්පීනී සනෝජා බිබිලේ මහත්මිය එක්ව සිටි අතර අදාල පරිත්‍යාගය ලබාගැනීම සදහා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රසිකා ලියනගේ මහත්මිය එක්ව සිටියාය. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now