රෝගීන් ප්‍රවාහනයට වෑන් රථයක් ...
කෝවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවයට මුහුණ දීමට සිදුවූ ප්‍රධානම ගැටළුවක් වූයේ රෝගීන් ප්‍රවාහනයට අවශ්‍ය ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමයි.
එය කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටද මුහුණ දීමට සිදුවූ ගැටළුවක් බැවින් ප්‍රාදේශීය කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙම අවශ්‍යතාවය මතුවූ අතර ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම අවශ්‍යතාව ඉටුකිරීමට කටාන ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඉල්ලා සිටි අතර ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ ප්‍රාදේශීය සභාව එම අවශ්‍යතාව අද (31) දින ඉටුකිරීමට කටයුතු කරන ලදි.
කටාන ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කමිටුවේ සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජු මහතාගේ සම්බන්ධීකරණයෙන් කෝවිඩ් රෝගීන් ප්‍රවාහනයට සුදුසු පරිදී සැකසූ වෑන් රථයක් Idea පුද්ගලික සමාගම මගින් ලබාදුන් අතර ඒ සදහා අවශ්‍ය ඉන්ධන කටාන ප්‍රාදේශීය සභාවෙන් ලබාදීමට නියමිතය.
එම වෑන් රථය කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න මහතා විසින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලක්ෂ්මන් විජේසූරිය මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදි. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කටාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට කෝවිඩ් රෝගීන් ප්‍රවාහනයට අත්‍යවශ්‍යව තිබූ ප්‍රවාහන අවශ්‍යතාවය ඉටුකිරීමට දායකත්වය දැක්වූ Idea පුද්ගලික සමාගමටත්, කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න මහතාටත්, කටාන ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කමිටුවටත් විශේෂයෙන් ප්‍රදේශයේ කෝවිඩ් 19 මර්දනයට කැපවී සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත්, ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයටත් මේ මොහොතේ සිදුකරනු ලබන විශිෂ්ට සේවය පිළීබදව තම ස්තූතිය පුදකර සිටින බවයි.
මෙම අවස්ථාවට Idea පුද්ගලික සමාගමේ කළමණාකරු ජයශාන්ත, කටාන පොලිස් ස්ථානාධිපති තුෂාර සිල්වා, කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම් කපිල කුමාර ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා සහභාගී විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |