1990 සුවසැරිය හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයම වසර තුනකට....

srilanka health sudarsane pranandupulle
By Nimal Aug 17, 2021 11:55 AM GMT
Nimal

Nimal

Report

 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් වසර තුනක් සදහා නැවත පත් කර තිබේ.

2019 වර්ෂයේ ඔවුන්ගේ වසර තුනක සේවා කාලය අවසාන විය. විෂය භාර අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නිර්දේශය මත ජනාධිපතිතුමා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. දුමින්ද රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු අධ්‍යක්ෂක මණ්ඩලයට මහාචාර්ය අසිත ද සිල්වා, විජය මලලසේකර, සන්ධ්‍යා සල්ගාදු, චම්පිකා පතිරණ, ඉන්දික හපුගොඩ, වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්ම මහත්මීහු පත්ව ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විතව ඇත්තේ විවිධ විෂය ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන්ගෙන් හා ප්‍රවීණයන්ගෙන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීහු ද ඇතුළත් වන පරිදිය. මුළු මණ්ඩලයම ඔවුන් කරන සේවාව සඳහා කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් හෝ වරප්‍රසාදයක් නොමැතිව ගෞරවනීය සේවාවක් ලබා දෙමින් සිටී.

අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ විනිවිද භාවයකින් සහ වගවීමකින් යුතුව සේවාව මෙහෙයවන සහ ඒ සදහා කැපවූ ප්‍රධාන විධායක නිලධාරී, සොහාන් ද සිල්වා මහතා සහ කළමනාකරණ කණ්ඩායමක් සිටී. 24x7 ඇමතුම් සේවාවක් සහිත ගිලන්රථ සේවාව ආරම්භයේ සිටම ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් 4,250,971 ක් ලැබී ඇති අතර සිදුවීම් 921,508 කට සහභාගී වී තිබේ. කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම, ගිලන්රථ පැය 24 පුරාම නොනවත්වා කොවිඩ් -19 ආසාදිත රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය කරමින් ඇත. 1990 සුවසැරිය ගිලන් රථ සේවාව තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගිලන්රථ 297 ක් ඇති අතර, වසර අවසානය වන විට මෙම සංඛ්‍යාව තවත් 112 කින් වැඩි කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දැනටමත් සැලසුම් කර ඇති අතර, සාමාන්‍ය ප්‍රතිචාර දැක්වීමේ කාලය දැනට පවතින විනාඩි 13 සිට විනාඩි 8 දක්වා අඩුකිරීමට ඉන් බලාපොරොත්තු වේ.

නියමුවන් සහ ඊඑම්ටී සංඛ්‍යාව ද මේ වසරේ සිට වැඩි කෙරේ. අනුග්‍රාහකයින්ගේ අරමුදල් වලින් තමන්ගේම ඇමතුම් මධ්‍යස්ථානයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සැලසුම් කර ඇති අතර එමඟින් මෙහෙයුමේ වඩා හොඳ ආරක්‍ෂාව සහ තිරසාර බව සඳහා උපකාරී වේ. සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භයේ සිටම රජය විසින් රුපියල් බිලියන 6 කට අධික මුදලක් වැය කර ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now