කොවිඩ් මර්දනයට පුලුල් ප්‍රචාරයක් ...

health srlanka paviththa wanniyarachchi
By Nimal Aug 15, 2021 07:57 AM GMT
Nimal

Nimal

Report

මෙවැනි ජාතික ව්‍යවසනයක් අවස්ථාවක සියළු මාධ්‍ය ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම අගය කළ යුතු සහ ප්‍රසංසාවට ලක් විය යුතු කරුණක් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.   ඇමතිවයර මෙම අදහස් පළකලේ  ඊයේ දින (14) සියළුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සහ ප්‍රවෘත්ති කර්තෘවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වු අවස්ථාව‍ෙදීය 

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය අවසන් කොවිඩ් මර්දනයට පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් ලබාදෙන ලෙස ඉල්ලයි. මෙරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය ගෙන යන වැඩපිළිවෙලට මාධ්‍ය ආයතනවල පූර්ණ සහාය ලබාගැනීම ප්‍රධාන අරමුණ බවද පැවසුවාය.    

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවේ මෙරට කොවිඩ් මර්දනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය ගෙනයන වැඩපිළිවෙලට මේ වන විටත් සියළු රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ඉතා විශාල සහයෝගයක් සහ කාර්යභාරයක් සිදු කරන බවයි. විශේෂයෙන්ම කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ජනතාව පිළිපැදිය යුතු සෞඛ්‍ය හුරුපුරුදු පිළිබදව මෙන්ම සෞඛ්‍ය තොරතුරු පිළිබදව නිරන්තරයෙන් සියළු මාධ්‍ය ආයතන මගින් දැනුවත් කිරිම හා ප්‍රචාරණය කිරීම ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවත්, ජනමාධ්‍ය තුලින් ප්‍රජාව දැනුවත් කිරිම මගින්, ජනතාව රෝගය පිළිබද දැනුවත්භාවය ලබාගන්නා සේම, සෞඛ්‍යයට හිතකර චර්යාත්මක වෙනස්කම් ඇතිකරගැනීමට ඔවුන් යොමු වන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව ද පැවැසීය.

ඒ සදහා මාධ්‍ය ආයතන ගෙනයන වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා සහයෝගය ලබාදෙන මෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදි ඉල්ලා සිටින ලදි. කොවිඩ් මර්දන කටයුතු සදහා විද්‍යුත් මාධ්‍ය ආයතන ඔවුන්ගේ ගුවන් කාලය වැඩිපුර යෙදවිය හැකි බව මෙහිදී ප්‍රකාශ කරන ලද අතර, සෞඛ්‍යමය පණිවුඩ ජනතාවට ලබාදිය හැකි වෛද්‍යවරුන් ඒ සදහා යොමු කරවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදි. මේ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ නිරන්තරයෙන් මද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන සමග සම්බන්ධ වෙමින් ඒ සදහා කටයුතු කරන ලෙසයි.

මෙවැනි ජාතික ව්‍යවසනයක් අවස්ථාවක සියළු මාධ්‍ය ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම අගය කළ යුතු සහ ප්‍රසංසාවට ලක් විය යුතු කරුණක් බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යතුමිය අවසන් වශයෙන් කියා සිටියේ සියළු දෙනා එක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමෙන් මෙම වසංගතයෙන් රට බේරා ගැනීමට හැකි වන බවයි.

මෙම අවස්ථාවට දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩ් මහතා සහ සෞඛ්‍ය ලේකම්, මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්ව සිටියේය.    



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න

join now