සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් කොට....

srilanka health paviththa wanniyarachchi
By Nimal Aug 03, 2021 08:03 AM GMT
Nimal

Nimal

Report

අපේ රට නව වයිරස් ප්‍රභේද හමුවේ වුවද ඉන්දියාව සහ අනෙකුත් රටවල් පත් වූ තත්ත්වයට පත් නොවී මේ රට මේ තත්ත්වයට හෝ බේරී තිබෙන්නේ රටේ ජනතාව නිසි පරිදි මුව ආවරණ පළදමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ නිසා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම හා තාක්ෂණික දායකත්වයෙන් මුල්ලේරියාව මුලික රෝහලේ ඉදිකරනු ලැබූ විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදීමේ අවස්ථාවට අද දින (03) එක්වෙමිනි.සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් කොට.... | Srilanka Health

මෙම අවස්ථාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා සහභාගීත්වයෙන් සිදු කෙරිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ගුවන් හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි නව වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මාස 03 ක් වැනි ඉතා කෙටි කාලයක් තුල ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය මගින් සිදු කරනු ලැබුනි. මෙහි වාට්ටු 05 ක් සහ රෝගී ඇදන් 160 ක් වේ. කාන්තා හා පිරිමි ප්‍රතිකාර ඒකක 02 ක් සහ අසාධ්‍ය රෝගී මුලික ප්‍රතිකාර ඒකකයකින් ද යුක්තය. ඉදිකිරීම් සදහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 200 කට ආසන්න වූ අතර, ගුවන් හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වය මත මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 35 ක පමණ වූ වියදමකින් සම්පූර්ණ කිරිමට හැකියාව ලැබී ඇත.

මේ සදහා මූල්‍ය පහසුකම් ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ කොවිඩ් 19 ප්‍රතිචාර දැක්වීමේ හා රෝහල් පද්ධති පෙර සූදානම් කිරීම ව්‍යාපෘතිය මගින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇත. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “මෙම විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමේ දී ගුවන් හමුදා කාර්ය මණ්ඩල දිවා රෑ මහන්සිවෙලා ඉදිකිරිම් සිදු කොට ඇස්තමේන්තු ගත මුදලට වඩා ඉතා අඩු වියදමකින් කිරීමට හැකියාව ලැබුනා. එම හේතුවෙන් ඉතුරු කළ මුදල ලක්ෂ 1650 ක් වෙනවා. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කොවිඩ් මර්දන කටයුතු සිදු කරන්නේ සමස්ත රජයේම මැදිහත්වීම සහ සහභාගීත්වය මතයි.

මෙම ජාතික මෙන්ම ලෝක ව්‍යවසනයේ දී තම ජිවිත පරදුවට තබමින් රෝගී ප්‍රතිකාර සේවා සපයන සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ස්තූතිය පුද කරනවා. අපේ රට නව වෛරස් ප්‍රභේද හමුවේ වුවද ඉන්දියාව සහ අනෙකුත් රටවල් පත් වූ තත්ත්වයට පත් නොවී මේ රට මේ තත්ත්වයට හෝ බේරී තිබෙන්නේ රටේ ජනතාව නිසි පරිදි මුව ආවරණ පළදමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ නිසා. එමෙන්ම රජයේ කැපවීම,සෞඛ්‍ය අංශ සහ ත්‍රිවිධ හමුදාවේ කැපවීම මේ සදහා හේතු වූවා. අතිබහුතරයක් ජනතාව ඔවුන්ගේ වගකීමට ඉටු කිරිම පිළිබදව ද අපි ස්තූතිය පුද කරනවා.” “

රෝගීන් වැඩිවෙන විට රෝහල් පවත්වාගෙන යාමටත්, රෝහල් ධාරිතාවය වැඩි කිරිමටත් සිදු වෙනවා. රෝගී වී රෝහල්වලට පැමිණෙන ජනතාවට ප්‍රතිකාර සිදු කරන්න සම්පූර්ණ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍ය වෙනවා. අපි සෞඛ්‍ය සේවයේ ඉන්න සියළුම දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබෙනවා. අපි එය පළමුවෙන්ම සිදු කළා. එම නිසා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබෙනවා.

ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට ද අප කටයුතු කර තිබෙනවා.“ මෙහිදී ඉදිකිරීම් කටයුතු සිදු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය වෙත ඔවුන්ගේ සේවාව අගයමින් සමරුළුලකයක් පිළිගැන්වීම සහ විධිමත් ලෙස වාට්ටු සංකීර්ණයක් ඉදිකරමින්, තාක්ෂණික සහ මානව සම්පත ලබාදෙමින් සහ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, රෝහල් අධ්‍යක්ෂතුමා ඇතුලු සියළු රෝහල් කාර්ය මණ්ඩල සමග සුහඳව අදහස් ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කළා වූ මෙහෙය ඇගයීමට ලක්කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ නැගෙනහිර කොළඹ මුලික රෝහල වෙනුවෙන් සිහිවටන ඵලයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා වෙඅත ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, මුල්ලේරියාව මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂතුමන් ඇතුලු ගුවන්හමුදා නිලධාරීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පිරිසක් එක්ව සිටියහ.