ශ්‍රී ලංකාවට එන්තත් පරිත්‍යාගයට ජපානයට තුති..

srilanka health dines gunawardana
By Nimal Aug 02, 2021 06:05 AM GMT
Nimal

Nimal

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලිමක් අනුව ජපන් රජය ඇස්ට්‍රාසෙනිකා එන්නත් 1,455,840 ක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කීරිම පිළිබදව ජපාන රජයට හා එරට ජනතාවට ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කෘතඥතාව පළ කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරයි.ශ්‍රී ලංකාවට එන්තත් පරිත්‍යාගයට ජපානයට තුති.. | Srilanka Health

ඉකුත් සෙනෙසුරාදා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලට ගොස් ජපානය පරිත්‍යාග කල ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයේ පළමු කොටස(728,460) බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ගුණවර්ධන මහතා මේ බව සදහන් කෙළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රි ලංකීය ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම සදහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.මෙම ඉල්ලීම අනුව ජපානයේ ශ්‍රි ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හා ශ්‍රි ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ මෙහෙය වීමෙන් මෙම පරිත්‍යාගය ලබා ගැනීමට කැපවීමෙන් කටයුතු කර තිබේ.

ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ද මේ සදහා සහය වී ඇත.කොවැක්ෂ්(COVAX) වැඩ සටහන යටතේ ⁣ජපානය සිදු කර ඇති මෙම පරිත්‍යාගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 70,028 කි.ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටි මෙරට 490,000 ක් ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබා දීම සදහා මෙම එන්නත් තොගය ප්‍රමුඛව යොදා ගනු ඇති බවද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කෙළේය.

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා, සෞඛ්‍යය ඇමතීනී පවිත්‍රා දේවි වන්නි ආරච්චී,රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන,ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග,විදේශ අමාත්‍යාංශයේ ලේකම් අදමිරාල් මහාචාර්ය ජයනාත් කොළඹ ගේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.