පළමු මාත්‍රාව සියයට 80 කට ලබාදී අවසන් ...

srilanka health nimal lansa
By Nimal Jul 22, 2021 01:32 PM GMT
Nimal

Nimal

Report

  මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත්කරණය සිදු කළ හැකි වයස් සීමාවේ සිටින සියයට 80 කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබා දී අවසන් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත් ලබාගත හැකි පිරිස 102,359 ක් වන අතර ඉන් 82,367 කට කොවිෂීල්ඩ්, සයිනාෆාම් හා ඇස්ට්‍රාසෙනිකා යන එන්නත් ත්‍රිත්වයෙන් කුමන හෝ එන්නතක් ලබාගෙන ඇත.පළමු මාත්‍රාව සියයට 80 කට ලබාදී අවසන් ... | Srilanka Health

දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 17,100 කි. සංචාරක හා ධීවර කලාපයක් ලෙස ප්‍රචලිත මීගමුව කොට්ඨාශය තුළ එන්නත්කරණය ඉහළ සාර්ථකත්වයක් අත්කරගෙන තිබීම ඔවුනගේ ආර්ථික කටයුතු හා දෛනික කටයුතු පහසු කරලීම සඳහා වඩා ඉවහල් වනු ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ අදාළ සියලු දෙනාට පළමු මාත්‍රාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබා දෙන සහයෝගයට ස්තූතිය පුදකරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.