රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්.

health sri lanka Pavithra Wanniarachchi
By Nimal Jun 07, 2021 09:43 AM GMT
Nimal

Nimal

Report

  කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම අරමුණූ කොටගෙන ජාත්‍යන්තරයෙන් මෙන්ම මෙරට විවිධ අංශ විසින් ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත විවිධ පරිත්‍යාගයන් රැසක් සිදු කෙරිණ.

ඒ අනුව අද දින (07) ද කොළඹ 07, රාජකීය විද්‍යාලයේ 2011 කණ්ඩායම විසින් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කරන ලදි.

එම වෛද්‍ය උපකරණ අතර, CPAP Machine, Nebulizers, Pulse Oximeter machine, Defibrillator, B PAP Machine, Oxygen mask ඇතුලු වෛද්‍ය උපකරණ රැසක් විය. මෙම පරිත්‍යාගය ලබාදීමට සම්බන්ධ වූ සියළු දෙනා වෙත පරිත්‍යාගය ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය ස්තූතිය පුද ක‍ළේය. පරිත්‍යාගය ලබාදෙමින් ඔවුන් පවසා සිටියේ කොවිඩ් වෛරසය අවධානම් ලෙස පැතිර යන වකවානුව සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගය ලබාදීමට තමන් කටයුතු කළ බවත්, මෙම පරිත්‍යාගය ලබාදීමට අවස්ථාව ලැබීම මහත් භාග්‍යක් සේ සළකන බවයි.

මෙම උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට කොළඹ 07, රෝයල් විද්‍යාලයේ 2011 කමිටුවේ සභාපති අකිල සමරසිංහ, ලේකම් නිර්මින් වනිගරත්න, භාණ්ඩාගාරික නිෂාන් වීරසිංහ, ව්‍යාපෘති සම්බන්ධීකාරක දමිත් මහලියන සහ රාගමින් සතානන්දන් යන මහත්වරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සහ වෛද්‍ය නවීන්ද සොයිසා යන මහත්වරු ද සහභාගි විය.