විශ්වාසභංගය දිනන්න සූදානම්..?

By Sithumi Apr 26, 2022 02:03 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සොයාගෙන අවසන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

දැනට ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් 41 ක් දෙනාගේ සහාය ද විශ්වාසභංග යෝජනාවට පළ කිරීමට එකඟතාවය පළ කර ඇතැයි ද හෙතෙම පැවසීය. විශ්වාසභංග යෝජනාවට තවත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමටත් කටයුතු කරන දින යන බවද හෙතෙම සඳහන් කරයි.

අදාල යෝජනාව භාර දෙන ආකාරය සහ එය බාර දීමෙන් පසුව ඇතිවන තත්ත්ව ඇතුළු කරුණු ගණනාවක් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now