රන් මිළ සැලකිය යුතු ලෙසින් ඉහළ යයි.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Sithumi Jul 09, 2023 11:57 AM GMT
Sithumi

Sithumi

Report

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර තිබෙනවා

පසුගිය සිකුරාදා දිනය තුළ මෙරට ඩොලරයක ගැනුම් මිල රුපියල් 302ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 317 ලෙසත් සටහන් වීම තුළ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිල ගණන් ඉහළ යෑම ද මෙරට රන් මිල කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන්නේ.

ඒ අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 150,800ක් ලෙස රුපියල් 3,000කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද රන් වෙළෙඳපොළ දත්ත වාර්තා කල අතර කැරට් 24ක රන් පවුමක් රුපියල් 163,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.