පොහොර නොමිලේ ලබා දීමට වැඩ පිළිවෙළක්..
Sri Lanka Cabinet
By Sithumi
යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ ඒ අනුව මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ කොළඹ වරායට ලඟාවීමට නියමිත බවයි.
මෙම මඩපොහොර තොගය ඊජිප්තුවේ සිට මෙරටට ලැබීමට නියමිත අතර ඒවා මෙරටට ලැබුනු විගසම යල කන්නයේ වී වගාව ආරම්භ වීමට ප්‍රථම දිවයින පුරා බෙදා හැරීමට නියමිතව තිබෙනවා.
නමුත් දිස්ත්‍රික්ක කිහිපයක පෙබරවාරි මස අවසන් වනවිට වී වගාව ආරම්භ කරන බැවින් දැනට පුද්ගලික අංශය සතුව තිබෙන මඩ පොහොර මෙට්‍රික් ටොන් 3,500ක් වන ප්‍රමාණය රජයේ මුදල් වැය කර මිල දී ගෙන ගොවීන්ට නොමිලයේ බෙදා දීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළා.