සුරාසැල් විවෘත කරන දිනය මෙන්න....?

srilanka exercise kumarasingha
By Nimal Sep 12, 2021 07:46 AM GMT
Nimal

Nimal

Report

කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සදහා දිවයින පුරා දීර්ඝ කාලයක් පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය අවසන් වූ වහාම සෙසු ව්‍යාපාරික ස්ථාන සමගම මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථාන ද විවෘත කිරීමට පියවර ගන්නා බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

එසේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන දිගු කලකට පසුව විවෘත කිරීමේදී එම ස්ථාන ඉදිරිපිට පාරිභෝගිකයින් ඒකරාශී වීමත්, අනවශ්‍ය තදබදයක් ඇති වීමත්, සෞඛ්‍යාරක්ෂක රෙගුලාසි උල්ලංඝනය වීමත් වැලැක්වීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කොට ඇත.

ඒ අනුව නිරෝධායන ඇදිරි නීතිය අවසන් වී මත්පැන්හල් විවෘත කිරීමට අවසර ලැබෙන දිනයේ පහත සදහන් පියවර ගත යුතු බවට සියළු මත්පැන් බලපත්‍රලාභීන් හට නියෝග ලබාදී ඇත. සිය බලපත්‍ර ලත් ස්ථාන ඉදිරියේ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි පාරිභෝගිකයින් කටයුතු කරන බවට වගබලා ගැනීම, එම ස්ථාන ඉදිරිපිට අනවශ්‍ය ලෙස පුද්ගලයින් රැදී නොසිටින බවට වගබලා ගැනීම, එමෙන්ම සිය ස්ථාන කරා පැමිණෙන පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ නිකුත් කිරීම සිදුකොට කඩිනමින් එම ස්ථානයෙන් පිටත්කර යැවීම, ඒ අනුව එම නියෝගයට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍රලාභීන්ට එරෙහිව කටයුතු කිරීමට ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන් හට උපදෙස් ලබාදී ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද සාමාජිකත්වය දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය (NATA) විසින් කරන ලද ඉල්ලීමකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇතැයිද කපිල කුමාරසිංහ මහතා පැවසුහ.