සුවිසල් මැදුරේ සිවිලිමෙන් මතු වුයේ අදහා ගත නොහැකි දෙයක් .... ?

srilanka exercise premes pranandu
By Nimal Sep 06, 2021 07:47 AM GMT
Nimal

Nimal

Report

 ඇදිරි නීති සමයේ මත්පැන් වලට විශාල ඉල්ලුමක් ඇති බැවින් පොල්ගස්ඹ්විට හල්වල ප්‍රදේශයේ සුවිසල් මැදුරක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් ( රු. 225,000/-) වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.සුවිසල් මැදුරේ සිවිලිමෙන් මතු වුයේ අදහා ගත නොහැකි දෙයක් .... ? | Srilanka Exercise

මෙම සුවිසල් නිවසේ සිවිලිම තුළ ඉතා සුක්ෂම අයුරින් මත්පැන් නිෂ්පාදනාගාරය සකස් කර තිබු අතර වහලයේ ෂීට් ඉවත්කොට මත්පැන් තොග ඇතුලු උපකරණ සොයා ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.සුවිසල් මැදුරේ සිවිලිමෙන් මතු වුයේ අදහා ගත නොහැකි දෙයක් .... ? | Srilanka Exercise

මෙම සැකකරු නිතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්කාගාරය කොතෙක් සුක්ෂම අයුරින් සකස් කර තිබුවේද කියතොත් මත්පැන් වල ගද වහනය නොවන අයුරින් සකස් කර තිබු බවද සුරාබදු නිලධාරින් පවසයි.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ ගෝඩා මිලි ලීටර් 365,000 ක්, කසිප්පු මිලි ලීටර් 15,000 ක්, දගර, බැරල්, උපකරණ හා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබු බවද ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පැවසුවේය. දිවයින පුරා නිරෝධායන ඇදිරි නීතිය පැවතින හෙයින් සියලුම රටබීම හල් වසා තිබෙන අවධියේ ඉතා අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවත් ,කළක සිට මෙම ජවාරම සිදු කරගෙන යන බවත් සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ'    අදාල සැකකරු පොල්ගස්ඕවිට, හල්පිට ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙක් වන අතර ඉදිරියේදී කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ උපදෙස් මත , සුරාබදු කොසමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) ගාමිණී අධිකාරී , කොළඹ විශේෂ මෙහෙයුම් ඒ්කකය සුරාබදු අධිකාරී එච්.එච්.ඩී.ජයවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා සුරාබදු කෝප්‍රල් 823 පනාගොඩ මහතාගේ ඔත්තුවකට මෙම වැටලීම සිදු කොට ඇත. මේ සදහා සුරාබදු පරීක්ෂක අකිල, කෝප්‍රල්වරුන් වන 825 මංජුල, 922 සංජය, සුරාබදු නියාමක 1141 රමිත, සුරාබදු නියාමක රියදුරු අසංක යන නිලධාරීහු සහභාගිවුහ.