වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධය
වැඩිවූ විදුලි බිල, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විකුණා දැමීම, අසාධාරණ බදු සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට එහි වෘත්තිය සමිති 15 ක් අද (27) දහවල් විරෝධතාවයක නිරත වුණා
පසුගිය අගෝස්තු මස විදුලිබිල වැඩිකිරීමක් සමග විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 3,500ක ලාභය ලැබූ බව එහිදී ඔවුන් පැවසුවා.
එවැනි ලාභයක් තිබීයදීත් නැවතත් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් සිදුකරන්නේ සාමාන්‍ය ජනතාවගේ කර මත බර පැටවීම බවට ඔවුන් චෝදනා කළ අතර එම නිසා විදුලි ගාස්තු අය කිරීම නිවැරදිව විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස්කළ යුතු බවට විරෝධතාවයේ නිරත වූ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් පවසනවා.
මේ අතර, විදුලි බිල ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා ගත් පියවර සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදත් සිය විරෝධය පළ කළා . මේ අතර විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බැස ඇති අතර, ඇතැම් ජලාශවල ජල මට්ටම් පවතින්නේ 40% කටත් වඩා අඩු මට්ටමකයි.
ඒ අනුව, මහවැලි ගඟෙන් පෝෂණය වන රන්ටැඹේ ජලාශයේ ජල මට්ටම 23.8% දක්වාත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 38.9% දක්වාත්, වික්ටෝරියා ජලශයේ ජල මට්ටම 64.6 % දක්වාත් රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 70.6% දක්වාත් පහළ බැස ඇතැයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය පවසනවා.
එමෙන්ම, කැලණි ගඟ ආශ්‍රිත කාසල්රී ජලාශයේ ජල මට්ටම 40.6% ක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 48.2%ක් ලෙස දැක්වෙනවා.
එවන් පසුබිමක විදුලිබලය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳ විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන් හා පාලනාධිකාරිය අතර සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැත්වුණු අතර වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීම පිළිබඳවත්, අවශ්‍ය ඉන්ධන හා ගල් අඟුරු ලබා ගැනීම පිළිබඳවත්, විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.