මාර්ගෝපදේශන සතියට තරග මාලාවක්...

srilanka education infromesan dipartman
By Nimal Sep 01, 2021 08:22 AM GMT
Nimal

Nimal

Report

වෘත්තීය මාර්ගෝපදේශන සතිය වෙනුවෙන් ලබන සතියේ පවත්වනු ලබන මෙම තරග මාලාව සඳහා පාසල් සිසුන්න්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, වෘත්තිකයන්ට, රැකියා අපේක්ෂිතයන්ට මෙන්ව ව්‍යවසායකයන්ටද ඉදිරිපත් විය හැකි බව මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්කම හා අවශ්‍යතාව හඳුන්වාදීම සඳහා ඉලක්ක කරගත් තරග මාලාවක් පැවැත්වීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මෙම තරග සියල්ල මාර්ගගතව (Online) පැවැත්වෙන අතර ,මෙහිදී පද්‍ය රචනා, ගද්‍ය රචනා, චිත්‍ර, කථික තරග, ප්‍රශ්න විචාරාත්මක තරග පැවැත්වේ . මේ සඳහා සහභාගි විය හැක්කේ පාසල් වයසේ පසුවන 9, 10, 11 ශ්‍රේණිවල සිසු සිසුවින්ට පමණි. 

නිර්මාණය කරනු ලබන පද්‍ය රචනා, ගද්‍ය රචනා, චිත්‍ර සැප්තැම්බර් 12 දිනට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර සමග මාර්ගගතව මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි. කථික තරග, ප්‍රශ්න විචාරාත්මක තරග ඔක්තෝබර් 04,05, 06 දිනවල පැවැත්වීමට නියමිතය. මෙම තරග සඳහා සැප්තැම්බර් 12 දින දක්වා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.

මීට අමතවර වැඩි හිටියන් සදහාද තරග පැවැත්වේ. අදාල තරග වල ට සහභාගි වන්නන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ මානව සම්පත් නිලධාරී 0332248990- 0716544123 යන දුරකථන අංකයෙන් හෝ www.dome.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිවේයි. වෙනත් දිස්ත්‍රික්වලින් ඉදිරිපත්වන්නන් මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තුමේන්තුව බත්තරමුල්ල කාර්යාලයේ 0112187131 මේ සම්බන්ධ සියලු තොරතුරු ලබා ගත හැකිවෙයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now


ReeCha