රේගුවේ නම කන්නේ රේගුවෙන්මයි... නිලධාරියෙක් අත්අඩංගුවට...
ඇමෙරිකාවේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් පිළිබඳව මේවන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එම කංසා තෙල් පාර්සලය නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් කංසා තෙල් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්200ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා කියා සිටියේ.
එම කංසා තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි 20ක් බව රේගුව පවසනවා. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බව සඳහන්.
මෙය මෙරටට එවපු පුද්ගලයා පිළිබඳව තොරතුරු සෙමට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.