පරිස්සමෙන්.. දිවයිනේ ප්‍රදේශ රැසකින් කොල්ලකෑම්..

By Sithumi Nov 26, 2022 05:01 PM GMT
Sithumi

Sithumi

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි බස්නාහිර පළාත් උතුර, අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශවල දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන්  සැකකරුවන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ  කළේ. 

 බස්නාහිර දකුණ, අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී මිරිහානේ නිවසක රුපියල් ලක්ෂ 12 ක් වටිනා භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

  වැලිකඩ ප්‍රදේශයේ නිවසකින් උත්සව භාණ්ඩ කොල්ල කෑ 36 හැවිරිදි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු අද(26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය ප්‍රකාශ කළේ.