ඔබත් පරිස්සමෙන්.. විදෙස් පුද්ගලයෙකුගේ මුදල් සොරාගත් හැටි..

By Sithumi May 15, 2023 05:02 PM GMT
Sithumi

Sithumi

Report

වස්කඩුව ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයෙකුගේ මුදල් සොරකම් කළ පුද්ගලයෙකුව කළුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය සංචාරකයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුර අද (15) පස්වරුවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත්බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 29 හැවිරිදි වස්කඩුව ප්‍රදේශයේ ම අදාළ සංචාරක නිකේතනය ආසනයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර සොරකම් කළ මුදලින් කොටසක් සැකකරුගේ නිවසේ මෙට්ටයක් තුළ සඟවා තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

  සැකකරු විසින් සංචාරකයාගේ නවාතැන්ගෙන සිටි කාමරයට පැමිණ ඔහුගේ ගමන් මල්ලේ තිබූ අමෙරිකානු ඩොලර් 259ක්, ඉන්දීය රුපියල් 500ක් සහ මෙරට මුදල් රුපියල් 17,000ක් සොරකම් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.