වීඩියෝ පාතාල වෙඩික්කරු පන්නන්න ඇමතුම දුන් පුද්ගලයා එළියට
කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් ඉන් මුදාගෙන යාමට පැමිණි බව පැවසෙන හිමිවරුන් දෙනමක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙට්ටිපොළ රිට්ටාදෙනිය ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පොත්තේවල ඉන්දසාර සහ පූජ්‍ය දිවුල්වැවේ දීපානන්ද නම් හිමිවරු දෙනමක් මෙලෙස අත්අඩංගුවට පත්වුණේ. විහාරස්ථානයේ වැඩවිසූ සාමනේර හිමිනමක් ද උන්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භාරයට ගෙන තිබුණා.
එමෙන්ම සැකකරු පලාගිය බවට පැවසෙන මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අඹේවෙල කළුබෝවිටියන පදිංචි කඹුරුගමුව වීරසිංහ ආරච්ච්ලාගේ දිලාන් නම් 27 හැවිරිදි තරුණයෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමිනම පවසා ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර නැමැත්තාගේ ඉල්ලීම පරිදි තමන් ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයට ගිය බවයි.