නිවසකින් හමුවූ භයානක ලෙස මිය ගිය මළ සිරුර...
තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයේ නිවසක තිබී පිළිස්සුන් පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේම පදිංචිව සිටි 79 හැවිරිදි පස්දරු පියෙක්. තම බිරිඳ සමග එම නිවසේ පදිංචිව සිටි මෙම පුද්ගලයා ඇවිදීමට නොහැකි අසනීප තත්ත්වයකින් පෙළෙන අතර නිවසේ හුදෙකලාව ජීවත්වී ඇතැයි සඳහන්.
මියගිය පුද්ගලයාගේ බිරිඳ ගොවිතැනින් ජීවත්වන අතර මෙම සිදුවීම වන විට ඇය වගා කටයුතුවල නිරතවී සිට තිබෙනවා. නිවසේ දැඩි දුමාරයක් පැවතීම හේතුවෙන් අසල්වාසීන් පැමිණ කළ සොයා බැලීමේදි නිවස තුල විශාල ගින්නක් පැවති බවටයි අනාවරණ වී ඇත්තේ.
අනතුරුව ගින්න නිවා දමා ප්‍රදේශවාසීන් සිද්ධිය පිළිබඳ තඹුත්තේගම පොලිසියට දන්වා තිබෙනවා.
මියගිය පුද්ගලයා දුම්පානයට ඇබ්බැහි වී සිටින අයෙක් වන අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක දුම්වැටියක් දැල්වීමට ගොස් ගිනිකූර විසි කිරීමේදි ගින්න සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තඹුත්තේගම පොලිසිය විසින් සිදුකරනවා.