ශ්‍රී ලංකා කණ්ඩායමේ හදිසියේම සිදු කළ වෙනස මෙන්න...
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ද නියමිත බව වාර්තා වනවා. තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විත වන අතර ඒ අනුව, මෙම තරගාවලියේ 1-0 ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.
තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රඳවාගැනීමට නම් ශ්‍රී ලංකා පිල හෙට තරගය අනිවාර්යයෙන් ජයගත යුතු වනවා. හෙට තරගය සඳහා ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා ඇති අතර දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංග හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වන අතර එමෙන්ම හෙට තරගයේදී මහීෂ් තීකෂණටද අවස්ථාවක් හිමිවනු ඇතැයි වාර්තා වනවා.
ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.