මහ බැංකුවෙන් වාණිජ බැංකු සහ ආයතන කොහිපයක් වෙත කළ විශේෂ දැන්වීම
By Sithumi
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම තීරණයත් සමග විශේෂයෙන් වාණිජ බැංකුවල ණය පොලී අනුපාත ඇතුළු වෙළෙඳපොළ පොලී අනුපාත පහළ යනු ඇති බවයි මහ බැංකුව අපේක්ෂා කරන්නේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 11ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා පදනම් අංක 200කින් අඩුවනවා.
එමෙන්ම මේ දක්වා ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළ දැමීමේ වාසිය වාණිජ බැංකු සහ මූල්‍ය අංශ විසින් මහජනතාව වෙත ලබාදීම ප්‍රමාණවත්ව සිදුනොවී මන්දගාමීව සිදුවන්නේ නම් මුදල් මණ්ඩලය විසින් සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරන බව මහ බැංකුව පැවසුවා.
එසේම ජුලි මස උද්ධමනය සියයට 07 තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කළා.