නීති විරෝධී ලෙස ගෙන්වු ඹක්සි මීටර් තොගයක් කොටු ...

srilanka castam sydaththa
By Nimal Sep 08, 2021 03:49 AM GMT
Nimal

Nimal

Report

 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව නීති විරෝධී ලෙස තැනු ව්‍යාජ ලිපිලේඛන ඉදි‌රිපත් කොට කටුනායක ගුවන් තොටුපලින් රැගෙන යාමට තැත්කළ රුපියල් 2,344,642/- ක් වටිනා ඹක්සි මීටර් තොගයක් සමගින් එක් සැකකරුවකු රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.නීති විරෝධී ලෙස ගෙන්වු ඹක්සි මීටර් තොගයක් කොටු ... | Srilanka Castam

අදාල භාණ්ඩ තොගය පරික්ෂා කිීරීමේදී පෙට්ටි 21ක් තුළ තිබී ඹක්සි මීටර් 4200 ක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

අදාල සැකකරු නිෂ්කාශන නියෝජිතයකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලියවිල්ලක් ශ්‍රී ලන්කන් කාගෝ ආයතනයේ නිලධාරීන්හට ඉදිරිපත් කොට ඹක්සිමීටර් තොගය නිදහස් කරගෙන තිබේ.නමුත් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිටවීමේ දොරටුවේදී මෙම භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමේදී ඒ සම්බන්ධයෙන් රේගු සටහනක් හෝ ජාතික නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත්කොට නොමැති බවත් ඊට අදාල බදු ගෙවා නොමැති බවත් සොයා‌ ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක  පවසයි.

සැකකරු ඊයේ (7) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළපසු මහේස්ත්‍රාත් තුමා විසින් සැකකරු මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කරන ලදි . අදාල සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.    

ReeCha