පාවහන් හා චොකලට් තුළින් මත්ද්‍රව්‍ය මතුවුයේ මෙලෙසිණි...(PHOTO)

srilanka castam sudattha silwa
By Nimal Jul 13, 2021 01:20 PM GMT
Nimal

Nimal

Report

 කටුනායක DHL කුරියර් ආයතනයය හරහා රට තුළට ගෙන ඒමට උත්සාහ කළ පාර්සල් තුනක් පරික්ෂාවට ලක් කිරීමේදි එහි තිබී රුපියල් මිලියක 8.8 ක් වටිනා hashish නමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සොයා ගෙන ඇත.පාවහන් හා චොකලට් තුළින් මත්ද්‍රව්‍ය මතුවුයේ මෙලෙසිණි...(PHOTO) | Srilanka Castam

මෙයින් පාර්සල් දෙකක් ඉතාලිය හා ඉන්දියාවද යන රටවලින් දෙමටගොඩ ප්‍රදේශයේ හා කොටහේන ,කොළඹ 07 යන ව්‍යාජ ලිපිනවලට එවා තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.පාවහන් හා චොකලට් තුළින් මත්ද්‍රව්‍ය මතුවුයේ මෙලෙසිණි...(PHOTO) | Srilanka Castam

පාර්සල් දෙකක් පරික්ෂා කිරීමේදී hashish යන මත්ද්‍රව්‍ය 500 ග්‍රෑම් සහ 34 ග්‍රෑම් වශයෙන් ද, තවද marijuana/hashish කාණ්ඩයට අයත් 320 ග්‍රෑම් බරැති cosmetics කිහිපයක්ද සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍යා කාර්යංශයේ නිලධාරීන් සමත්වී ඇත. මෙම මත්ද්‍රව්‍ය පාවහන් සහ චොක්ලට් වල සුක්ෂම ලෙස සඟවා තිබිණි . රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන්ගේ විමසිලිමත් භාවය හේතුවෙන් රට තුළට ඇතුල්වීමට ගිය විශාල ප්‍රමාණයක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවිණි . මෑත කාලයේ දී රට තුළට සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ජාවාරම් පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් නිරතුරුව විමර්ශනයේ යෙදී සිටින නිසා විශාල ප්‍රමාණයේ අත්අඩංගුවට ගැනීම් කීපයක් සිදු කිරීමට හැකිවිය .පාවහන් හා චොකලට් තුළින් මත්ද්‍රව්‍ය මතුවුයේ මෙලෙසිණි...(PHOTO) | Srilanka Castam

ඉදිරි විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරින් විසින් සිදුකරනු ලබයි . මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (බලාත්මක) ,සමාජ ආරක්ෂක ඒකකයේ රේගු අධ්‍යක්ෂක හා මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක තුමාගේ මගපෙන්වීම යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී . වැඩිදුර විමර්ශන සඳහා සැකකටයුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන ලදී.... 

ReeCha