ලොව මවිත කරමින් පිළිකාව නිට්ටාවටම සුව කළ හැකි ප්‍රතිකර්මයක් සොයා ගැනේ..

Cancer World Health Organization
By Sithumi Dec 11, 2022 05:21 PM GMT
Sithumi

Sithumi

Report

පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. 

 සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේ ජීවත් වූ අතර බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

බේස් එඩිටින්ග් තාක්ෂණය භාවිතයෙන් ඇගේ සිරුර තුළ ජීවමාන ඖෂධයක් නිර්මාණය කර ගත් බවයි ඔවුන් පවසන්නේ. එම තාක්ෂණය යොදාගෙන ජාන කේත විශාලනය කර නරඹා, ජාන වෙනස් කිරීමට ලක්කිරීම එම ප්‍රතිකාරය මගින් සිදුකර තිබුණා. එමගින් ඇගේ සිරුරේ තිබූ පිළිකාකාරක ටී සෛල මරා දැමීමට හැකි නව ටී සෛල වර්ගයක් ඇගේ සිරුරේ නිර්මාණය කළ බවත් සඳහන්.

පසුගිය මැයි මාසයේදී ඇය ටී සෛල ආශ්‍රිත ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගත් අතර නව ප්‍රතිකාරයෙන් මාස 6කට පසු ඇලීසාගේ පිළිකාව නිට්ටාවට සුව වී තිබේ.

රසායන චිකිත්සාව, ඇට මිඳුළු බද්ධයෙන් පවා ඇයගේ රෝගය සුව නොවූ පසුබිමක, නව ප්‍රතිකාරය සාර්ථක වීම විස්මිත ජයග්‍රහණයක් බව වෛද්‍යවරුන් පවසනවා.