අත් බෝම්බයක් සහ තවත් භාණ්ඩ රැසක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට...

By Sithumi Sep 18, 2022 01:37 PM GMT
Sithumi

Sithumi

Report

දෙමත්ගොඩ ආරාමය පාර ප්‍රදේශයේදී කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් සෙනසුරාදා (17) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුගේ නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී සැකකරු විසින් සොරකම් කරන ලදැයි සැලකෙන භාණ්ඩ සිය ගණනක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඔවුන් නිවසේ තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු 31 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු සන්තකයේ තිබී ගලවා දැමූ ජංගම දුරකථන 125ක්, ලැප්ටොප් පරිගණක 10ක්, පියානෝවක්, ගිටාර් එකක්, ගලවා දැමූ අත් ඔරලෝසු 520ක් සහ රූපවාහිනි 3ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. 

 සැකකරු අද (18) මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි